2012-10-18

බුදු දහමට විනකටින මූලධර්මවාදී කල්ලි 150ක් දිවයින පුරා


බුදු දහම කෙලෙසීමට මූලධර්මවාදී ආගමික කණ්ඩායම් 150ක් පමණ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් සිටින බවත් පොලීසිය හෝ අදාළ බලධාරීන් හෝ මීට විරුද්ධව කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනෙන බවත් බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසනවා. බෞද්ධ ජනතාවගේ යහපත උදෙසා නීතිරීති අවශ්‍ය බවත් කවුරුන් ක්‍රියාත්මක නොවුණත් බොදු බලසේනා සංවිධානය ක්‍රියාත්මක වන බවත් ඥානසාර හිමියෝ පවසනවා. 
ඥානසාර හිමියන් පවසන අන්දමට 2004 වසරේදී ක්‍රියාත්මක වෙමින් පැවැති මෙවැනි කණ්ඩායම් 107ක් හඳුනාගෙන තිබූ අතර 2009 වසරේදී මෙවැනි කණ්ඩායම් 261ක් පමණ හඳුනාගත් බවත් මේ වන විට කණ්ඩායම් 150ක් පමණ විවිධ ස්ථානවල නවාතැන් ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පෙනී යයි. මෙහි විශේෂත්වය වන්නේ පැල්පත්වාසීන්ගේ සිට ධනවත් පැලැන්තිය දක්වා මෙම මූලධර්මවාදී වැඩසටහන් ක්‍රියාත්මක වීමයි.
මෙතෙක් මේ රට තුළ කිසිදු ආගමක් දහමක් මුල්කර ගනිමින් ගැටුමක් නිර්මාණය නොවූ නමුත් අද වන විට මෙවැනි මිථ්‍යා දෘෂ්ටික මූලධර්මවාදී පිරිස් රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇත ිකිරීමට ක්‍රියාකරන බව උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.
මෙවැනි පිරිස් සම්බන්ධයෙන් බොදු බලසේනා සංවිධානය අවධානයෙන් සිටින බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව තම සංවිධානය දැඩි පියවර ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.