2012-11-02

තවත් 45කගේ ඔස්ටේ‍්‍රලියානු සිහිනය බොඳවෙයි


නීති විරෝධී අන්දමින් ඔස්ටේ‍්‍රලියාවට යාමට සූදානම් වූ පුද්ගලයින් 43 දෙනෙකු බේරුවල ප‍්‍රදේශයේදී ඊයේ රාති‍්‍රයේදී අත්අඩංගුවට ගැනුනා.  මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාව විසින්. ඉකුත් 21 වැනිදා මෙම පිරිස වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එහෙත් අධික වර්ෂාපතනය හේතුවෙන් තවදුරටත් මුහුදේ ගමන් කළ නොහැකි බව පවසමින් යාත‍්‍රාව පැදවූ තැනැත්තා එහි ගමන් කළ පුද්ගලයන් බේරුවල වරාය අසලට යොමුකර පලාගොස් තිබෙනවා. අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් යාපනය මඩකලපුව ති‍්‍රකුණාමලය සහ වවුනියාව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී තිබෙන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.