2013-04-16

දුම්රිය රියැදුරන් අවුරුදු සමරයි - දුම්රිය මගීන් මහමග කට්ටකයි

සේවක හිඟය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා කියා සිටියේ අද දිනය නියමිතව තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් ද අවලංගු කිරීමට සිදුවු බවයි. අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දුම්රිය රියදුරන් නිවාඩු ලබා ගැනීම නිසා දුම්රිය ගමන්වාර 15ක් අවලංගු කිරීමට සිදුවුණා. මහත් පරිශ‍්‍රමයක් දරා අද දිනයේ දී ගමන්වාර කිහිපයක් පමණක් ක‍්‍රියාත්මක කළ බවයි ආරියරත්න මහතා ප‍්‍රකාශ කළේ. සිංහල හා හින්දු අලූත් අවුරුදු දිනයේ ද දුම්රිය රියදුරන් රාජකාරීවල නිරත වුණා. එහෙත් මානුෂිය හේතුන් මත ඔවුනට ද අලූත් අවුරුදු සමය වෙනුවෙන් නිවාඩු ලබාදීමට අවශ්‍ය බවයි ආරියරත්න මහතා කියා සිටියේ. එම නිසා ඊයේ සහ අද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කළ බව ඒ මහතා කියා සිටියා. කෙසේවෙතත් හෙට දිනය වන විට නිවාඩු ලබා ගෙන සිටින සියලූ දුම්රිය රියදුරන් යළි සේවයට වාර්තාකරන බැවින් දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.