කොළඹ නගරයේ ජීවත් වන කාන්තා හා පිරිමි දෙපක්ෂයගෙන් බහුතරයකගේ අක්මාවේ ට්‍රාන්ස් මේදය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා සිරෝසීස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
වකුගඩු අකර්මන්‍ය වීම හෘදයාබාධ, ආඝාතය, අධි රුධිර පීඩනය, පිළිකා රෝගවලට ද ඔවුන් ගොදුරුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණායතනය පෙන්වාදෙනවා.
කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගැනීමේ ප්රවනතාව ඉහළ යාම නිසා මේ රෝගවලට පුද්ගලයන් ගොදුරුව ඇති බව පුද්ගලයන් දෙසීය දෙනෙකු ඇසුරෙන් කළ පර්යේෂණයෙන් හෙළි වී තිබෙනවා.
වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පර්යේෂණය සිදු කර තිබෙනවා. තෝරාගත් පුද්ගලයන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් පරීක්ෂා කිරීමෙන් මේ පර්යේෂණය සිදු කර තිබෙනවා.
වයස අවුරුදු 30 ත් 50 ත් අතර පුද්ගලයන් ඇසුරෙන් කළ පරීක්ෂණයෙන් සියයට 50 ක් මේ රෝගවලට ගොදුරු වීමේ අවදාමක් ඇති බව හෙළි වී ඇත. කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් පිළියෙළ කිරීම සඳහා ෆාම් තෙල් භාවිතා කරන අතර එම තෙල් දෙතුන් වතාවක් හෝ ඊට වැඩි අවස්ථාවක් භාවිතා කිරීම නිසා එමඟින් ට්‍රාන්ස් මේදය සිරුරට එක් වන බවයි පර්යේෂකයින් පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.