බගවන්තලාව ප‍්‍රදේශයේ වතු ප‍්‍රජාවට සහ ගම්මානවල ජනතාවට සැපයෙන පානීය ජලයේ අසුචි මිශ‍්‍ර බව අනාවරණ වී තිබෙනවා. ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ස්ථාන 16කින් ලබා ගන්නා ලද ජල සාම්පල් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වෙත යවා පරික්‍ෂා කිරීමෙන් අනතුරුවයි මේ බව හෙලිවී තිබෙන්නේ. තේ වතු ආශ‍්‍රීත ජනතාවට ජලය පහසුකම් සපයනු ලබන්නේ වතු සමාගම් විසින්. කඳු මුඳුන්වල පිහිටි ජල මුලාශ‍්‍රවලට ජල නළ සවි කිරීමෙන් කිසිදු පිරිපහදුවකින් තොරව අදාල පානිය ජලය සැපයෙනවා. පසුගිය දින කිහිපයේ බගවන්තලාව ප‍්‍රදේශයෙන් පාචන රෝගීන් විශාල වශයෙන් වාර්තා වුණා. එම තත්ත්වය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් තමන්ට ජල සැපයුම ලබා දෙන ලෙසයි ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.
2012-11-23
බගවන්තලාවේ වතු ජනතාව පානය කරන්නේ අසූචි මිශ්‍ර ජලයලු
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.