2012-11-07

එල්ලුම්ගහත් කටු ගෙට යන ලකුණු


මරණීය දණ්ඩනය ඉවත් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසනවා. යුරෝපා සංගමයේ ශී‍්‍ර ලංකා තානාපති බර්නාඞ් ස්වේජ් මහතා සමග සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම හඳුන්වාදීමට හැකිදැයි සොයා බලන බවයි. ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් ළමා සංවර්ධන සහ කාන්තා අභිවාද්ධී අමාත්‍යංශයද තවත් පාර්ශ්ව කිහිපයක්ද ඉල්ලා තිබෙන්නේ ළමා හා ස්තී‍්‍ර දූෂණ වැනි අපරාධවලට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කරන ලෙසයි. අළුගෝසු තනතුරට සුදුස්සන් බඳවා ගැනීමටද එල්ලූම්ගහ අලූත්වැඩියා කිරීමට සහ මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම සඳහා පුහුණුවීම් කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉකුත් සමයේ පියවර ගත්තා. අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඉහත අදහස් පළ කළේ පසුබිම එසේ තිබියදීයි.
මේ අතර මරණීය දණ්ඩණය ශී‍්‍ර ලංකාවේදී අවසන් වරට කි‍්‍රයාත්මක කෙරුණේ 1976 වසරේදීයි. ඉන්පසු මරණීය දණ්ඩනය නියමවූවන්ට ජනාධිපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදුන්නා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.