2012-11-07

විටමින් විෂ වූ දරුවන් දෙදෙනෙක් තවම දැඩි සත්කාරයේ


කුරුණෑගල, මාස්පොත මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට ලබාදුන් විටමින් ‘‘A’’ ඖෂධය ආසාත්මික වීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසුවේ සිසුන් 15 දෙනෙකුට සහ සිසුවියන් 12 දෙනෙකුට එම ඖෂධය ආසාත්මික වූ බවයි. ඔවුන්ගෙන් පිරිසක් 4 වැනි ශ්‍රේණියේද අනෙක් අය 7 වැනි ශ්‍රේණියේද ඉගෙනුම ලබන්නන් වනවා. 25 දෙනෙකු ප‍්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බවයි රෝහල් ආරංචි පවසන්නේ. තවත් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.
මේ අතර සිසු සිසුවියන්ට විටමින් ‘‘A ’’ ඖෂධය ලබා දී තිබෙන්නේ ඊයේ පැවැත් වූ වෛද්‍ය සායනයකදීයි. කුරුණෑගල සෞඛ්‍ය සේවා කාර්යාලයේ වෛද්‍යවරුන් 3 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ හෙද නිලධාරිනියන් දෙදෙනෙකු ඊට සහභාගි වී තිබෙනවා. ආසාත්මිකතාවයේ ලක්ෂණ ලෙස සිසු සිසුවියන්ට වමනය සහ ක්ලාන්තය ඇති වූ බව අනාවරණ වනවා. එහෙත් එවැනි ආසාත්මිකතා නිතර ඇතිවිය හැකි බවද රෝගී වූ සියලූ දෙනා ප‍්‍රතිකාර ගෙන පිටව ගිය බවද කුරුණෑගල දිස්ත‍්‍රික් මාතෘ සහ ළමා සෞඛ්‍ය නිලධාරී වෛද ප‍්‍රියන්ත මුතුනායක මහතා පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.