2012-11-28

බස්නාහිර බස් ස්ට්‍රයික්

බස්නාහිර දකුණු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ද ඇතුළු මාර්ග 100 ක පමණ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අයථා පරිදි මාර්ග බලපත්‍ර නිකුත් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
හයිලෙවල් මාර්ගයේ මාර්ග අංක 138, කොට්ටාව - බොරැල්ල (174),  කොට්ටාව - ගල්කිස්ස (255), පිටකොටුව - අවිස්සාවේල්ල (122) යන ප්‍රධාන මාර්ග ද ඇතුළුව තවත් අතුරු මාර්ග ගණනාවක මෙම බස් වර්ජනය ක්‍රියාත්මක වන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.