2012-11-02

රනිල් අලුත් හමුදාවක් හදන්න සූදානම්ලු


රට තුළ දේශපාලන හමුදාවක් තිබිය යුතු බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒකාධිපතීත්වයෙන් රට බේරාගැනීම  සඳහා එවැනි හමුදාවක් අත්‍යවශ්‍ය බවයි. කුරුණෑගල ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ඉන්ධන මිල වැඩි කිරීමේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මාතෘකාවක් සමාජයට ඉදිරිපත් කරන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.