මාවනැල්ලල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදුන් බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යාලයේ සිසුවියකට එම විදුහල්පතිවරයා දඬුවම් කළ බව කියන සිද්ධියක් පහරදිමට හේතුවී ඇති බවට සැකකරන බව පොලීසිය ප්‍රකාශ කළා.
විදුහල්පතිවරයාට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවියගේ සොහොයුරා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. සිද්ධියෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා මේ වන විට මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.