ගාල්ල පෝද්දල වල්පිටවත්ත ප්‍රදේශයේ මහසෝන් බෝක්කුව අසල තිබී අද උදෑසන සොයාගත් මළ සිරුරු 04පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ගේ බව පොලිසිය සැක පළ කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ ගාල්ල ඩික්සන් හන්දියේදී ඉකුත් දා ඝාතනය කෙරුණු ව්‍යාපාරිකයාගේ ඝාතනයට මොවුන් සම්බන්ධ යැයි සැකකෙරෙන බවයි. ඒ අනුව මෙම ඝාතනය ප්‍රදේශයේ කල්ලි දෙකක් අතර සිදුවිමක ප්‍රතිඵලයක් ලෙස සිදුවුවක් බව මූලික පරික්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. සිද්ධීය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් කොට්ඨාශයේ විශේෂ කණ්ඩායමක් සහ පොද්දල පොලිසිය එක්ව වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
ඡායාරූප - රවීන්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.