වසර 6 ට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්ව තිබු ජෙට් ලයිනර් නෞකාව අද (04) සිය මව්බිම වන ඉන්දුනීසියාව බලා යාත්‍රා කර තිබෙනවා. මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණය උදෙසා මෙම නෞකාව විශාල මෙහෙයක් ඉටුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.
2006 වසරේ දී උතුර - දකුණ යා කළ ගොඩබිම් මාර්ගය මුළුමනින් අක්‍රීය වු අතර ත්‍රස්ත මිසයිල තර්ජන හේතුවෙන් ගුවන් මගින් සිදුකළ ප්‍රවාහන කටයුතු ද මුළුමනින් අඩාලවීමත් සමග ත්‍රීකුණාමලය සහ යාපනය අතර මුහුදු මාර්ගයල උතුරු අර්ධද්වීපයට භාණ්ඩ හා පුද්ගලයින් ප්‍රවාහනය සඳහා වූ එකම විකල්පය බවට පත්වුයේ ජෙට් ලයිනර් නෞකාවයි.
ඒ හේතුවෙන් ඉන්දුනීසියානු රජයට අයත් මෙම ජෙට් ලයිනර් නෞකාව කුලී පදනම මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2006 වසරේ දී ලබාගත්තේය.
එකවර මගීන් 2000 ක පමණ පිරිසක් ප්‍රවාහනය කළ හැකි මෙම නෞකාව ආරක්ෂක සාමාජිකයින් ප්‍රවාහනයේ දී මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී විශාල මෙහෙයක් ඉටුකළ බව නාවික හමුදාව සඳහන් කළේය.
2009 වසරේ ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු ජෙට් ලයිනර් නෞකාව සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ ව්‍යාපෘතියක් ලෙස රටේ ආර්ථික සංවර්ධනයට ද විශාල සේවයක් ඉටුකර ඇතග
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.