තිස්සමහාරාම, තිස්සවැවේ බෝට්ටුවක් පෙරලීමෙන් ඊයේ පස්වරුවේ අතුරුදන් වු පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන සොයා ගැනුණා. ඒ අනුව මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙලෙස අද උදෑසන සොයා ගැනුණේ ඉංගිරිය සහ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු බවයි පොලිසිය පැවසුවේ. ඊයේ පස්වරු 03.40ට පමණ පුද්ගලයින් 22 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් මෙම අනතුර සිදුවුණා. සිද්ධියෙන් පුද්ගලයින් 15 දෙනෙකුගේ දිවි බේරා ගැනුණු අතර තවත් පස් දෙනෙකුගේ මළසිරුරු ඊයේ පස්වරුවේ සොයා ගැනුණා.
මේ අතර වර්ෂ අවසාන නිවාඩු සහ උත්සව කාලසීමාව යෙදි ඇති බැවින් විනෝද චාරිකාවල යෙදෙන පුද්ගලයින් බෝට්ටු සවාරි යෑම, ජලාශවල දිය නෑම වැනි කටයුතුවලදි ආරක්ෂාකාරී විය යුතු බව පොලිසිය පවසනවා.
ape pathte minissu wagayak :(
ReplyDelete