2013-01-05

ජපන් කෙළවල්ලාට ඩොලර් මිලියන 1.7ක ලන්සුවක්


ජපානයේ පැවැති මාළු වෙන්දේසියකදී බ්ලූෆින් වර්ගයේ කෙළවල්ලා මත්සයකු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා. ටෝකියෝ නුවර ප‍්‍රසිද්ධ මාළු වෙළෙඳසැලක මේ වසරේ පැවැති පළමු මාළු වෙන්දේසියේදීම මෙලෙස වාර්තාගත මිලකට මත්සයකු අලෙවි වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙහිදී අලෙවි වී ඇති කෙළවල්ලා ජපානයේ ගිනිකොනදිග ප‍්‍රදේශයෙන් අල්ලාගෙන ඇති අතර මත්සයාගේ බර කිලෝග‍්‍රෑම් 222ක්. මත්සයා මිලදී ගෙන ඇත්තේ කියුෂි කිමුරා නම් වූ ව්‍යාපාරිකයෙක්. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.