2013-01-05

පුතුගේ පිහි පහරින් පියා දිවියෙන් සමුගනියි


පුත්‍රයකු සිය පියා ඝාතනය කළ පුවතක් හලාවත මුගුණුවටවන ප්‍රදේශයෙන් වාර්තා වනවා. මුගුණුවටවන පිහිටි සිය නිවසේදි පියා සහ පුතා  අතර ඇති වූ බහින්  බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් පියාට ඊයේ පස්වරු 2.50ට පමණ එලෙස තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.තුවාල ලැබූ පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් පමණ වයසැති පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන 18 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.