පරිභෝජනයට නුසුදුසු ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් දසදහසක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී ඒ.එම්.ජේ. සමන්ත මහතා පැවසුවේ මාතලේ පුවක්පිටිය ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබියදී එම අර්තාපල් තොගය සොයාගැනුණු බවයි. සිද්ධියට සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් පිටකොටුවෙන් අදාළ අර්තාපල් තොගය ගෙනැවිත් ඇති බව ද ඒ.එම්.ජේ. සමන්ත මහතා සදහන් කළා. ඔහු පැවසුවේ එම අර්තාපල් තොගය සිය භාරයට ගන්නා අවස්ථාවේදී අධික ලෙස නරක් වී තිබු අතර දැඩි දුර්ගන්ධයක් ද වහනය වූ බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.