2013-01-04

අගවිනිසුරුවරියට කරදර කරන්න එපා - ඇමැති අනුර යාපාට තර්ජන

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඇති දෝෂාභියෝගය පිළිබඳව කටයුතු කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට ඒ මහතා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. 
අමාත්‍යවරයාගේ බිරිඳගේ ජංගම දුරකතනයට මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලැබී තිබෙනවා. එම දුරකතන ඇමතුම ලබාදුන් තැනැත්තා තමන් ප්‍රශාන්තන් ලෙසින් හඳුන්වා දී තිබේ. අගවිනිසුරුවරියට කරදර කිරීමෙන් වළකින ලෙසට එම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලබාදුන් තැනැත්තා විසින් ප්‍රකාශ කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමසා බලන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතායි.
අගවිනිසුරුවරිය විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් විභාගයට ගත් අභියාචනාධිකරණය ඊයේ (03) දහවල් එකී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කිසිදු අධිකරණ බලයක් නොමැති බවට නියෝග කරන ලදී. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.