2013-01-04

රිසානාට ළඟදීම නිදහස?


සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට නියමව සිටින ලාංකික ගෘහ සේවිකා රිසානා නාෆික්ට ළගදීම නිදහස ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ එරට තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරන අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපතිවරයා සෞදි අරාබි රජුගෙන් කළ ඉල්ලීම සහ අනෙකුත් නීතිමය කරුණු සැලකිල්ලට ගනිමින් රිසානා නාෆික්ට නිදහස හිමිවනු ඇතැයි අබ්දුල් අසීස් මහතා සදහන් කළ බවයි.
අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමග එම අමාත්‍යාංශයේ අද පැවති හමුවකදී සෞදි අරාබි තානාපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.