අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළදී සියලූ අධිකරණ සේවා කටයුතුවලින් ඉවත් වීමට ශ්රී ලංකා නීතිඥ සංගමය අද තීරණය කළා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් නීතිඥ සංජය ගමගේ මහතා ප්රකාශ කළේ දිවයිනපුරා පිහිටි ශ්රී ලංකා නීතිඥ සංගමයේ ශාඛා 78ක සාමාජිකයන් හෙට සහ අනිද්දා දෙදින අධිකරණ සේවා කටයුතුවලින් ඉවත් වන බවයි. අධිකරණය උත්තරීතර ආයතනයක් බැවින් ඊට බලපෑම් කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැහැ. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව ද නිසි පරිදි විමර්ශනය නොවුණු බවයි අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.
එමෙන්ම අධිකරණයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් ද ශ්රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින බව සංජය ගමගේ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.