2013-01-05

කෑගල්ලේ සුවසෙත ගණිකා මඩමත් මාට්ටු


සුවසෙත නමින් කෑගල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තරුණියන් තිදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ කෑගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරකට අනුව වැටලීම කළ බවයි. අත්අඩංගුවටපත් තරුණියන් වයස අවුරුදු 19, 21 සහ 22 යන වයස්වල පසුවන අය බව වාර්තා වනවා. සෙසු සැකකරුවන් මේ ස්ථානය පවත්වාගෙන ගිය අය සහ සහ ඊට අනුබල දුන් තිදෙනෙක් බවයි වාර්තා වන්නේ. ඒ අතර වයස අවුරුදු 44ක් පමණ වූ ගණිකා නිවාසයේ කළමනාකරුද වනවා. 

කෑගල්ල රඹුක්කන මාර්ගයේ රටකෝපිවත්ත ප්‍රදේශයේ පත්වාගෙන ගොස් ඇති මෙම ස්ථානය පිළිබදව පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරක් මත ඊයේ (04) වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් අද (05) කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.