2013-01-04

හොර වැඩ අල්ලන රේගු නිලධාරියෙක් අල්ලස් ගනිද්දී මාට්ටු


සිය නිල කාමරයේදී රුපියල් ලක්‍ෂ දහයක මුදලක් අල්ලස් ලෙස ලබාගනිද්දී රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. රන්ජන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ උදේ අත්අඩංගුවට ගන්නා ගැනුණා.
මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ගෙන්වන ලද කන්ටේනරයක ඇති වාහන කොටස් පරීක්‍ෂාවෙන් පසු නිදහස් කිරීමේ වාර්තාව ලබාදීමට රුපියල් පනස් ලක්‍ෂයක් ඉල්ලා එම මුදල රුපියල් විසි ලක්‍ෂයකට අඩුකර ඉන් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලබා ගනිද්දී ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් විමර්ශන අංශයේ උසස් නිලධාරියෙක් පැවසුවා. සැකකරුගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කරගෙන යන අතර එය අවසන්වීමෙන් පසු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අල්ලස් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගේ උපදෙස් මත අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මී ජයවික්‍රම මහත්මියගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.