2013-02-15

ආදරවන්තයින්ගේ පාටියේදී ගුටි ඇණගෙන 22 හැවිරිදි තරුණයෙක් මරුට


කොළඹ - තුම්මුල්ල ප‍්‍රදේශයේ පිහිටි ජේ.එම්.සී(JMC) රාත‍්‍රී සමාජ ශාලාවට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (15) අලූයම් කාලයේදී එම මෙම සමාජ ශාලාවේ සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව කුරුදුවත්ත පොලිසිය පවසනවා.  සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කොළඹ බාන්ස් පෙදෙසේ පදිංචි වයස අවුරුදු 22 ක තරුණයෙකු බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. එහි නිලධාරියකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. මියගිය පුද්ගලයාගේ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.