දිවයිනේ ඕනෑම ආසනයකට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී පක්ෂ සංවිධායකවරයකු පත්කිරීමේ පූර්ණ බලය නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව ඕනෑම ආසනයක සිටින සංවිධායකවරයකු ඉවත් කිරීම සහ අලූතින් සංවිධායකවරයකු පත්කිරීමේ බලය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනවා. මීට පෙර ද නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම බලය හිමි වී තිබුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංස්කරණවාදීන් කළ ඉල්ලීමකට අනුව පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ අවස්ථාවේ එම බලය ඉවත් කිරීමටයි තීරණය කෙරුණේ. එහෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ඒ සඳහා යළි අනුමැතිය ලබාදීම විශේෂත්වයක්. කෙසේ වෙතත් පක්ෂයේ නියෝජ්‍ය නායක ධුර පත්කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිසිදු කරුණක් සාකච්ඡා වී නැහැ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ බුද්ධික පතිරණ යන මහත්වරුන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තමන් සූදානම් බව නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මාධ්‍යවලට සිදුකරන ප්‍රකාශවලින් පක්ෂයට හානි සිදුවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ.
2013-02-15
බුද්ධික සහ දයාසිරි ගැන මම බලා ගන්නම්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.