2013-02-19

අධික මුදලක් සහ තිර රෙද්ද විතරක් තියෙන නිසා අර්ධ සුඛෝපභෝගි බස් සේවාව තහනම් කරනවා


අර්ධ සුඛෝපභෝගී බස් සේවාව තුළින් සිදුවන්නේ මගී ජනතාවගෙන් වැඩිපුර මුදලක් අය කිරීමත් තිරරෙදි දැමීමත් පමණක් නිසා එම සේවාව නවතා දැමීමට කටයුතු කරන බව පුද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා. ජනතාවගෙන් වැඩිපුර මුදලක් අයකර ගන්නා එම සේවාව තුළ තිබෙන එකම විශේෂත්වය බස් රථ තුළ තිරරෙදි දමා තිබීම පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණ කළා. එබැවින් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් සේවාව අහෝසි කරන බවත් මගීන්ගේ හා රටේත් සුබ සිද්ධිය සඳහා මෙම පියවර ගත් බව හෙතෙම පවසනවා. 
සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක ගාස්තුවක් මෙම බස් මගීන්ගෙන් අය කෙරෙනවා. තිර රෙදි දමා තිබුණ ද එම අර්ධ සුඛෝපභෝගී බස්වල ගමන් කරන මගීන්ට සැප පහසුකම් නොමැති බවත් සමහර බස්වල ඇති ආසන සංඛ්‍යාවට වඩා වැඩිපුර පටවාගෙන මඟින් දුෂ්කරතාවන්ට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.