තායිලන්ත අඩු වියදම් ගුවන් සේවයක් වන නොක් එයාර් ගුවන් සේවිකාවන් බිකිනිවලින් සැරසී සිටින අයුරු පෙන්වන ප‍්‍රචාරක ව්‍යාපාරයක් නිසා තායි රජය කෝපාවිශ්ඨ වී ඇති බව වාර්තා වනවා. රටේ ප‍්‍රතිරූපය පළුදු කිරීම සහ ලිංගික සංචාරක ව්‍යාපාරය ඉස්මතු කිරීම ගැන නිලධාරීහු මොවුන්ට චෝදනා කරනවා. අන්තර්ජාලය හරහා දියත් කල මේ ව්‍යාපාරයට සහභාගි වන අයට කාමුක ගුවන් සේවිකා පින්තූර ඇතුලත් කැලැන්ඩර ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
සිරුර නිරාවරණය වන ඇඳුමින් සැරසුනු මැක්සිම් සඟරාවේ නිරූපණ ශිල්පිනියන් නොක් එයාර් ගුවන් සේවිකාවන් ලෙස මගී යානයක් අසල ඡයාරූප ගත කර සිටිනවා. මෙම ව්‍යාපාරය දියත් කර තිබුණේ ගුවන් සේවයේ ෆේස්බුක් පිටුව හරහාය. තායිලන්ත ප‍්‍රතිරූපයට හානි කරන නිසා මෙය තහනම් කල යුතුයයි තායිලන්ත දේශීය නිලධාරියෙක් සංස්කෘතික අමාත්‍යාංශය හා එක්ව පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා.
කෙසේ නමුත් මේ ව්‍යාපාරය නීතිමය සීමාවන් තුල ඇති නිසා එයට විරුද්ධ ක‍්‍රියාමාර්ග ගැනීම අපහසුයග දැනට සිටින ගණුදෙනුකරුවන් ඉලක්ක කරගෙන මෙය සිදු කල බව කියන ගුවන් සමාගම දැන්වීම් ව්‍යාපාරය ආරක්ෂා කිරීමට උත්සාහ ගනිති.
ගණුදෙනුකරුවන්ට සිහිවටනයක් සැපයීම තම අරමුණ බවත් මේ දක්වා මෙයට යහපත් ප‍්‍රතිචාර ලැබී ඇති බවත් ගුවන් සේවා ආයතනයේ ප‍්‍රධාන විධායක පැටී සරසින් පවසනවා.
පුවත උපුටා ගැනීම : Hot and Fast News

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.