කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩිසත්කාර ඒකකය යළි විවෘත කරන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා පවසනවා. අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ රෝහලේ දැඩිසත්කාර ඒකකය පිරිසිදු කිරීමේ කටයුතු තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවයි. එම දැඩිසත්කාර ඒකකයේ පැතිරුණු විෂබීජය ඉන්ෆ්ලූවෙන්සා ‘ඒ’ වෛරසය බවට හඳුනාගෙන තිබෙනවා. වෛරසය පැතිරයාමත් සමගම ඉකුත් දා රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමුණා. කෙසේ වෙතත් රෝහලට පැමිණෙන රෝගීන් වෙනත් රෝහල් වෙත මාරුකර යැවීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කර ඇති බවයි වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා කියා සිටියේ. එමෙන්ම ඉන්ෆ්ලූවෙන්සා ‘ඒ’ වෛරසය ශරීරගත වුණු රෝගීන්ට වෙනම ඒකකයකදී ප්‍රතිකාර කරන බවද ඒ මහතා අවධාරණය කළා.
2013-04-25
කාසල් කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය විවෘත කිරීම තවත් පමාවන ලකුණු
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.