2013-04-23

විදුලිබිල වැඩි කළේ තාවකාලිකවයි - 2014 ජනවාරියේදී අඩු කරනවා - ඇමැතිනි පවිත්‍රා කියයි

2014 ජනවාරි මාසයේ සිට විදුලිය ගාස්තු පහත හෙළීමට හැකියාව ඇති බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා. විදුලිබිල වැඩි කිරීම තාවකාලික ක්‍රියාකාරකමක් බවද ඇය පවසනවා. ඇමැතිනිය මේ බව පැවසුවේ ඊයේ (22) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදීයි.
2013 දෙසැම්බර් වන විට නව ගල් අඟුරු බලාගාර දෙකකින් විදුලි ජනනය කිරීමට හැකියාව පවතින් බවත් හැකි ඉක්මනින් විදුලිබිල පහත හෙළීම සඳහා රජය ක්‍රියා කරන බවද ඇය සඳහන් කළා. ගල් අඟුරු බලාගාර තුළින් විදුලිය ජනනය කිරීම හා ඛනිජ තෙල් ආශ්‍රයෙන් තාප බලාගාරවලින් විදුලිය නිපදවීම ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වනු ඇති බවද තමන් විශ්වාස කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී කියා සිටියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.