නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්නට එරෙහිව කොල්ලූපිටිය පොලිසිය පවරා තිබූ නඩුවට ඉදිරිපත් නොවීම නිසා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (26) යළි ඇයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඊට පෙනී සිටීම සඳහා නිරෝෂා විමලරත්න අධිකරණ භූමියට පැමිණ සිටි නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය නඩුවට පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි මහේස්ත‍්‍රාත්වරයා ඇයට එරෙහිව යළි වරෙන්තු නිකුත් කළේ. කෙසේ වෙතත්, වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඇය නැවත වරක් අධිකරණයේ පෙනී සිටියා. අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ඇයගේ වරෙන්තුව යළි කැඳවූ අවස්ථාවේදී නිරෝෂාගේ නීතිඥයින් ඉල්ලා සිටියේ චෝදනා පත‍්‍රයට අත්සන් නොතබා ඇයව මුදාහරින ලෙසයි. කෙසේ වෙතත්, සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එසේ කළ නොහැකි බවයි. නාගයෙකු ළඟ තබාගෙන සත්ත්ව හිංසනයක් සිදුකළ බව පවසමින් කොල්ලූපිටිය පොලිසිය ඇයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. නැවත අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මීට අදාළ චෝදනා පත‍්‍රය පොලිසිය කියවූ පසු එම චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි නිරෝෂා විමලරත්න සඳහන් කළා. ඒ අනුව ලබන නොවැම්බර් මස 07 වැනිදා නඩුව විභාග කිරීමට තීරණය කළ මහේස්ත‍්‍රාත්වරයා එදිනට සාක්ෂිකරුවන්ට උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළා.
2013-09-26
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.