2013-10-19

මනාලයාට අවුරුදු 103යි මනාලියට අවුරුදු 99යි

ආදරය කිසිදා වියපත් නොවනා හැඟීමකි. පැරගුවේ හි ජොස් මැනුවල් රියෙල්ලාට සහ මාටිනා ලෝපස්ටද එසේ සිතෙන්නට ඇත. ඔවුන් දෙදෙනා ආගමික චාරිත‍්‍රානුකූලව විවාහ උත්සවයක් ගෙන විවාහ වූයේ ජොස්ට වයස අවුරුදු 103 ක් සහ මාටිනාට වයස අවුරුදු 99ක් ව තිබියදීය.
එහෙත් ඔවුන් දෙදෙනා වසර 80ක්ම ජීවත් වූයේ එකම වහලක් යටය. මෙලෙස විවාහ උත්සවයක් ගෙන නොතිබුණද ජොස් සහ මාටිනා මෙයට වසර 49 කට පෙර නීත්‍යනුකූලව විවාහ වී තිබේ. ඔවුන්ට දරුවෝ අට දෙනෙකි. මෙම සුවිශේෂී මංගල්‍යයට ජොස් සහ මාටිනා යුවළගේ  දරුවන්, මුනුබුරු මිනිබිරියන් 50 දෙනෙක්, මී මුනුබුරු මිනිබිරියන් 35 දෙනෙක් සහ ඔවුන්ගේද දරුවන් 20 දෙනෙක් සහභාගි වී තිබුණි.    





                     

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.