එක්සත් ජාතික පක්ෂය දිනන මාවතකට ගෙන ඒම සඳහා රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාව, ප්‍රධාන කරුණු අටක් පදනම් කර ගනිමින් පැවැත්විය යුතු බව එක්සත් භික්ෂු පෙරමුණ විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිතව දැනුම් දී තිබේ.
එම භික්ෂු පෙරමුණේ අනුශාසක ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමිගේ අත්සනින් යුතුව ලබාදී ඇති එම ප්‍රධාන කරුණු අට මෙසේය.
01. ඔබ තුමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වශයෙන් ක්‍රියාකළ යුතුය. එසේම විපක්ෂ නායකයා වශයෙන් හා පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීම භාර නායකයා වශයෙන්ද කටයුතු කළ යුතුය.
02. පක්ෂය මෙහෙයවීමට පක්ෂ නායකත්ව මණ්ඩලයක් පත් කළ යුතු අතර, මෙම මණ්ඩලය පක්ෂය මෙහෙයවීමේ සියලු පූර්ණ බලතල සහිත වූවක් විය යුතුය.
03. පත්වන මණ්ඩලය "නායකත්ව මණ්ඩලය" නමින්ම හැඳින්විය යුතුය.
04. පක්ෂ නායකයා සතු සියලු බලතල ද නායකත්ව මණ්ඩලයට පැවරිය යුතුය.
05. නායකත්ව මණ්ඩලය තුළින් පක්ෂය තුළ සිදු කළ යුතු සියලු පත්කිරීම් හා ප්රතිසංශෝධනයන්ද, තීරණ ගැනීම්ද ඇතුළත් සකලවිධ කාර්යයන් සිදු කළ යුතුය.
06. නායකත්ව මණ්ඩලය පත් කළ වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පක්ෂයේ ව්‍යුහය තුළ තිබෙන සියලු සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය නායකත්ව මණ්ඩලය සතු විය යුතුය.
07. කරු ජයසූරිය මැතිතුමාගේ සභාපතිත්වයෙන් හා සජිත් ප්‍රේමදාස මැතිතුමාද ඇතුළත්ව නව දෙනකුගේ උපරිමයට යටත්ව පත් කෙරෙන නායකත්ව මණ්ඩලයේ සෙසු සාමාජිකවරුන් ඉදිරියේදී, එක්සත් භික්ෂු පෙරමුණ විසින් යෝජනා කරනු ලැබේ.
08. ඉහත සඳහන් සියලු යෝජනා සති දෙකක් තුළ නිම කළ යුතුය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.