මාවනැල්ල සහ රඹුක්කන ප්‍රදේශවලදී නීති විරෝධි දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකායේ නාරංබැද්ද කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ සෝදිසියකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.
මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීති විරෝධී දුම්වැටි 500ක් සහ රඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී දුම්වැටි 400ක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල සහ රඹුක්කන පොලිස් ස්ථාන වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.