නීති විරෝධී අයුරින් සැකසූ ලොතරැයිපතක් පාසල් සිසුන් යොදා ගනිමින් අලෙවි කිරීමේ ක්‍රියාවලියක් උතුරු මැද පළාතේ සිදුවන බවට ලංකා ගුරු සේවා සංගමයේ සභාපති අරුණ දිසානායක මහතා චෝදනා කරනවා. “ඉගෙනුම” යනුවෙන් සකසා ඇති ටිකට් පතක් උතුරු මැද පළාතේ පාසල්වල තුන වසරෙන් ඉහළ 1,85,425ක් වන සිසුන් අතට පත්කර ඇති බවත් එක් සිසුවෙකු අවම වශයෙන් ටිකට් 10ක් විකුණා මුදල් එකතු කළ යුතු බව දන්වා ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.
රුපියල් තුන්කෝටි හැත්තෑලක්ෂයක මුදලක් මෙම ටිකට් පත් අලෙවියෙන් අපේක්ෂා කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියකට සමාන මෙම ලොතරැයිය මේවන විට සිසුන් අත ඇති බවත් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකළ පුද්ගලයින් ගැන අධ්‍යාපන බලධාරීන් වහා පියවර ගත යුතු බවත් ඔහු අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහ භාණ්ඩාගාරයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව මෙවැනි නීති වීරෝධී ක්‍රියාවක් කළ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගත යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.