2013-10-28

කටට මෙන්ම නෙතටද රසයක් එක් කළ ලන්ඩනයේ චොකලට් ගවුම

සම්පූර්ණයෙන්ම චොකලට්වලින් නිර්මාණය වූ ගවුමක් පසුගියදා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී එළිදක්වන ලදී .මෙම චොකලට් ගවුම නිර්මාණය කොට ඇත්තේ සම්මානනීය  විලාසිතා නිර්මාණ ශිල්පී ලෝරන් ස්මිත් විසිනි. බි‍්‍රතාන්‍යයේ ජාතික චොකලට් සතිය වෙනුවෙන් නිර්මාණය වූ මේ චොකලට් ගවුමේ බර කිලෝග‍්‍රෑම් 50කි.
ගවුම නිර්මාණය සඳහා සති දෙකක කාලයක් ගත වී තිබෙනවා. ගවුම මත විසිතුරු වර්ණ ගැන්වීම් සිදු කෙරුණේ ප‍්‍රවීණ ආහාර සිතුවම් ශිල්පී පෝල් වේන් විසිනි. ඒ සඳහා ඔහුට  පැය විසිහතරක කාලයක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ. අතිශය සුන්දර ලෙස නිර්මාණය වී තිබුණ මෙම චොකලට් ගවුමෙන් සැරසී නිරූපණයේ යෙදීමට වාසනාවන්ත වූයේ නිරූපණ ශිල්පිනි ෆියෝනා බිට්මේඞ්ය.






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.