ආදිවාසි තරුණයෝ ක්රිකට් ගැසීමට හුරුවීම පිළිබඳව තමා බලවත් විරුද්ධත්වය පළකරන බව සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා ඊයේ පැවැසීය.
ඔවුන් ආදිවාසි සංස්කෘතිය විනාශ කිරීමට උත්සාහ කරන බව පැවසූ ඇමැතිවරයා අනාගතයේදී ඔවුන් දුනු ඊතල පවා අමතක කර දමා කලිසම් කමිසවලට හුරුවිය හැකි බවද පැවසීය.
ආදිවාසි නායක වන්නිල ඇත්තෝ දැන් කැබ්රියක් ඉල්ලනවා. මහියංගන ප්රාදේශීය ලේකම්තුමා මැදිහත්වී වන්නිල ඇත්තන්ට කැබ් රියක් ලබාදී තිබෙනවා. ඔහු දැන් ඉල්ලා සිටින්නේ ඔහුටම ස්ථිර වශයෙන් කැබ් රියක්. ලෝකයේ කිසිම රටක ආදිවාසි නායකයකු කැබ්රථ හෝ කිසිම වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.