වැලිමඩ නගරයේ ජනප්‍රිය විදුහලක උසස් පෙළ පංතියක ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියක් නිල ඇඳුම පිටින්ම ඊයේ (17 දා) උදෑසන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී දුම්රියට පැන සිය දිවි හානිකර ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසනවා. උසස් පෙළ ඉගෙනුම ලැබූ ඡේ. එන්. නිදුෂනී ශාලිකා (16) නමැති පාසල් ශිෂ්‍යාව මෙසේ සිය දිවි හානිකර ගෙන ඇත.
මෙම ශිෂ්‍යාව ඇල්ල, බල්ලකෙටුව ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් නමුත් වැලිමඩ දිවිතොටවෙල ප්‍රදේශයේ ලිපිනයක තාවකාලිකව පදිංචිව සිට මෙම විදුහලට ඇතුළත් වී ඇති බවත් පාසල් ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට පැමිණි මෙම ශිෂ්‍යාව බදුල්ල සිට කළුතර දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය ආරම්භ කිරීමෙන් පසු එයට පැන දිවි නසාගෙන තිබේ.
ඇය මෙසේ දිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. බණ්ඩාරවෙල පොලිස් අධිකාරි රොෂාන් විඡේසිංහ මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.