වසර 5කට පසු දකුණු අප්රිකානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්රිකට් ජයග්රහණයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ, අබුඩාබි හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලූ 7කින් ජයගනිමින්. පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 249ක් රැස්කළ අතර, පාකිස්තානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 442ක් රැස්කරගත්තා. පාකිස්තානු පළමු ඉනිමට ලකුණු 193ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්රිකානු කණ්ඩායම මෙහිදී රැස්කරගත්තේ ලකුණු 232ක් පමණයි. ඒ අනුව පාකිස්තානු කණ්ඩායමට ලකුණු 40ක ජයග්රාහී ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් එම ඉලක්කය කඩුලූ 3ක් පමණක් දැවී රැස්කරගැනීමට සමත්වුණා. තරගයේ වීරයා ලෙස නම්කෙරුණේ පාකිස්තානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 146ක් රැුස්කළ කුරාම් මන්සූර්.
ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත්වුණා. දෙරට අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ලබන 23 වෙනිදා ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.