2013-10-18

සෝනාක්ෂිගේ සාරිය තෙත් වෙයි

ගැහැනියකගේ සුන්දරත්වය ඉස්මතු වන්නේ සිරුරේ ආවරණය කළ යුතු ස්ථාන නිරාවරණය කිරීමෙන් නොවන බව අනෙක් නිළියන් කෙසේ වෙතත් සෝනාක්ෂි සිංහා නම් හොඳින්ම දැන සිටින්නීය. අනෙක් නිළියන් අනුරාගී බව හුවා දක්වන්නට උත්සාහ කරන්නේ බිකිනිවලින් සැරසෙමිනි. එහෙත් සෝනාක්ෂි ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ තෙමුණ සුදු සාරියකි. එක් යුගයක අනුරාගී නිළියක ලෙස හැඳින්වුණු මන්දාකිනි සිය රූ සපුව සඟවා නොසඟවා ප්‍රදර්ශනය කළේත් එලෙසින්මය. සෝනාක්ෂිගේ නවතම චිත්‍රපටය රම්බෝ රාජ්කුමාර්ය. එහි ප්‍රචාරක  දර්ශන සඳහා ඇය පෙනී සිටියේ සුදු සාරියකින් සැරසී වතුරේ ඇවිදිමිනි. ඉන් ඇගේ සිරුරේ හැම කෝමල රේඛාවක්ම සුන්දර ලෙස දැක්විණි. ‘‘මම කවදාවත් බිකිනි අඳින්නේ නෑ.... මේ දේශීය ක්‍රමයට මම කැමැතියි...‘‘ ඇය කියන්නීය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.