පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු ඊයේ රාත්රි පහරදීම්වලට ලක්ව තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු පහරදීමට ලක්ව තිබෙන්නේ ත්රීකුණාමලය මරතඩිය හන්දියේදීයි. දෙපිරිසක් අතර ආරවුලක් සමතයට පත් කර ආපසු පොලීසිය වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් එලෙස පහරදීම්වලට ලක්ව තිබෙනවා. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
පහරදීම්වලට ලක්වූ අනෙක් පොලිස් නිළධාරියා ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයයේ ස්ථානාධිපතිවරයායි. රාජකාරී නිමකර නිවස බලා යමින් සිටියදී ගලේවෙල බම්බාව ප්රදේශයේදී ඔහු පහරදීමට ලක්වුණා.
එහි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි පොලිස් ප්රකාශක කාර්යාලය කියා සිටියේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.