2013-10-18

දස හැවිරිදි දරුවෙක් පිහිනුම් තටාකයට බිලි

හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි පිරිමි ළමයෙකු දියේ ගිලි මිය යාමේ පුවතක් සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පුද්ගලයා තම පියා සමඟ හෝටලයට පැමිණ පිහිනූම් තාටකයේ දිය නාමින් සිටියදී දියේ ගිලීම හේතුවෙන් බරපතල තත්වයේ පසු වී ඇති අතර අක්කරෙපත්තු රෝහලට ඇතුලත් කිරීමට පෙර ජිවිතක්ෂයට පත් වී තිබේ.
මෙලෙස මිය ගිය මෙහොමද් අලි අනිප්ගේ වයස අවුරුදු 10ක් වන අතර මල සිරුර අක්කරෙපත්තු රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පස්චාත් මරණ පරීක්ෂණය අද දිනට පැවැත්වීමට නියමිත අතර සමන්තුරේ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.