මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද මහනුවරදී පැවැත්වෙනවා. ඒ ස`දහා මධ්‍යම පළාත් සභාවට තේරී පත්ව සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිවරුන් දහසය දෙනා සහභාගී වීමට නියමිත බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් ඉකුත්දා ගැටළුකාරී තත්වයක් මතුවුණා. වයඹ පළාත් සභාව ඇතුලූ පළාත් සභා කිහිපයකට විපක්ෂ නායකවරු පත්කෙරුණේ මනාප ප‍්‍රතිශතය මතයි. මේ නිසා මාතලේ දිස්ත‍්‍රික්කයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත් වූ රංජිත් අලූවිහාරේ මහතාට මනාප ප‍්‍රතිශතය අනුව විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු බව මන්ත‍්‍රිවරුන් පිරිසක් කියා සිටියා. එහෙත්, සංජීව කවිරත්න මන්ත‍්‍රිවරයා ඇතුළු සිවු දෙනෙකු ප‍්‍රකාශ කර තිබුණේ ජ්‍යෙෂ්ඨත්වය මත මහනුවර දිස්ත‍්‍රික්කයෙන් තේරී පත්වූ ලකී ජයවර්ධන මහතාට මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය ලබාදිය යුතු බවයි. අද රැුස්වන මෙම සාකච්ඡුාවේ තීරණය පිළිබඳව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාටද දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
උපුටා ගැනීම www.nethfm.com
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.