2013-10-24

චෝගම්වලට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත සභාව යෝජනාවක් සම්මත කර ගනියි

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඉන්දිය රජය විසින් සම්පුර්ණයෙන්ම වර්ජනය කළ යුතු බවට වු යෝජනාවක් තමිල්නාඩු ප‍්‍රාන්ත සභාව අද සම්මත කර ගත්තා. ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් විසින් අදාල යෝජනාව ඉදිරිපත් කරමින් අවධාරණය කර ඇත්තේ සමුළුව සඳහා ඉන්දීය රජයේ නියෝජනයක් නොතිබිය යුතු බවයි. ඉන්දිය රජය වහාම තම තීරණය ශ‍්‍රී ලංකාවට දැනුම් දිය යුතු බවද ඇය මෙහිදි අවධාරණය කළා. සමුළුවට සහභාගි නොවන ලෙසට මීට පෙරද ඉන්දිය මධ්‍යම රජයට විවිධ පාර්ශ්ව විසින් දැඩි බලපෑම් එල්ල වී තිබුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.