2013-10-24

බටකැත්තර කර්මාන්ත ශාලාව කළුතරට ගෙන යාමට පියවර

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක්‌ රෝගී කරමින් විෂ සහිත ගෑස්‌ කාන්දුවීමක්‌ සිදුවූ කර්මාන්ත ශාලාව වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙනවා.
එම කර්මාන්ත ශාලාව කළුතර ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරමින් සිටින අතර ඉදිරි මාස තුන ඇතුළතදී පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව ගලවා ඉවත් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
මේ අතර විෂ ගෑස්‌ කාන්දුව නිසා හානියට පත්වූ බටකැත්තර ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ දවස පුරා සිදුකෙරිණි. කැස්‌බෑව නගර සභාවේ සහාය ඇතිව බටකැත්තර ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ නිවාසවල ළිං පිරිසිදු කර තිබේ. නගර සභාවේ වතුර බවුසර යොදා නිවාස සේදීමද ඊයේ කර ඇත.
එමෙන්ම මෙම විෂ ගෑස්‌ කාන්දුව සිදුවූ කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් වෙනුවෙන් අද (24 වැනිදා) විශේෂ වෛද්‍ය සායනයක්‌ පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.
පිරිසිදු කිරීමේ දියර වර්ග නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ විෂ ගෑස්‌ කාන්දුවීමක්‌ හේතුවෙන් ප්‍රදේශවාසීන් 72 දෙනකු දැඩිලෙස රෝගී වූ අතර ඔවුන් රෝහල්ගත කර තිබිණි.
රෝහල්ගතව සිටි රෝගීන් සියලු දෙනා ඊයේ වනවිට ප්‍රථිකාර ලබා රෝහල්වලින් පිටව ගොස්‌ සිටියහ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.