පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්තකරුවන්ට දී තිබෙන මාර්ගෝපදේශන කි‍්‍රයාත්මක නොකරන නිෂ්පාදකයන්ගේ බලපත‍්‍ර අහෝසි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පානීය ජල බෝතල් නිෂ්පාදන කර්මාන්තය, මහජන සෞඛ්‍ය ආරක්ෂණයට සරිලන අයුරින් පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ. ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පානීය ජල බෝතල් නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්. ව්‍යාජ ලෙස සකසා ඇති පානීය ජල බෝතල් රැසක් වෙළෙඳපොළේ ඇති බව මේ වන විට විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා. මේ නිසා සෑම ජල බෝතල් නිෂ්පාදන ආයතනයක්ම වාර්ෂිකව ලියාපදිංචි විය යුතු බවත්, එහි නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වීමේ දිනය සහ ලියාපදිංචි අංකය පැහැදිලිව ප‍්‍රදර්ශනය කළ යුතු බවයි වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
2013-10-24
පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රතුඑළියක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.