2013-10-28

ලෝචනා බයිට් කරන්න ගිය මාධ්‍යවේදියා ලෝචනාගෙන් බයිට් වෙයි

පසුගිය දිනක එක්තරා සතිඅන්ත පුවත් පතක ටැබ්ලොයිඞ් අතිරේකයක මාධ්‍යවේදියකු ලෝචනා ඉමාෂිව බයිට් කිරීමට ගොස් නාගත් පුවතක් පිළිබදව අපට දැනගන්නට ලැබුණි.  මේ මාධ්‍යවේදියා විසින් ලාබ විහිලූ‍වක් යොදාගනිමින් ලෝචනාව බයිට් කිරීමට ගොස් මේ අකරතැබ්බයට පත් වූ බව පැවසේ. මේ නාගැනිල්ලේ තරම කොතෙක් ද යත් අදාල සිද්ධියෙන් පසුව ලෝචනා කේෂ්ත‍්‍රයේ බොහෝ දෙනෙකු හා පවසා ඇත්තේ දැන් සිටින ගොඩක් මාධ්‍යවේදියෝ මෝඩයෝ බවයි.
ලෝචනා සහ එම මාධ්‍යවේදියා අතර සිදුවූ සිද්ධිය සැකවින් මෙසේ ය. මාධ්‍යවේදියකු විසින් ලෝචනාට දුරකථන ඇමතුමක් දෙමින් මෙසේ පවසා ඇත.
මාධ්‍යවේදියා - අපි මේ කතා කරන්නෙ 'දි සෙමට්ට්‍රී' කියල ප‍්‍රඩක්ෂන් හවුස් එකකින්.....
ලෝචනා - ආ... ඔව් කියන්න.
මාධ්‍යවේදියා - අපට 'භූතාහේ' කියල මිනීපෙට්ටි සාප්පුවකින් ටීවී කමර්ෂල් එකක් ඇවිල්ල තියෙනවා...
ලෝචනා - ඉතින්...
මාධ්‍යවේදියා - ඉතින් අපි ඒකේ මේන් රෝල් එකට ඔයාව තෝරගෙන ඉන්නවා...
ලෝචනා - ආනේ එහෙමද...? ඒත් මම ඒ වගේ ඇඞ් කරන්නෙ නෑ. ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේකයි ඔයාලට වෙලාව තිබුණට හතර වටේට කතා කර කර මිනිස්සුන්ව බයිට් කරන්න, මට වෙලාවක් නෑ ඔයාලට බයිට් වෙන්න.
මාධ්‍යවේදියා - අයියෝ ලෝචනා එහෙම කතා කරන්න එපා. මේ ඇඞ් එක හරහා සමාජ සේවයකුත් වෙනවා...
ලෝචනා - මොකක් ද....? මිනී පෙට්ටි ඇඞ් එකකින් වෙන සමාජ සේවය (ලෝචනාට ටිකක් තරහ ගිහින්)
මාධ්‍යවේදියා - මේකයි සීන් එක. ගොඩක් මිනීවලින් එන කම්ප්ලේන් එකක් තමයි සමාදානේ සැතපේවා කියල වළ දැම්මට හරියට සැතපෙන්න බැරිලූ‍ ඇණ ඇනෙන නිසා. ඉතින් මේ ‘භූතාහේ‘ කියන කම්පැනි එකෙන් හරි ප‍්‍රමිතියට මිනී පෙට්ටියක් හදල.....
ලෝචනා - මරු සමාජ සේවයක් තමයි ඒක.
මාධ්‍යවේදියා - ඉන්නකො....... කියන්න..... අපි ඇඞ් එක හරහා ප‍්‍රමෝට් කරන්නෙ මිනිය වළෙන් නැඟිටල භූතයෙක් වෙලා ඇවිත් මිනිසුන්ව බය කරනව. ඇණ ඇනෙන පෙට්ටිවල වළ දැම්ම කියල...
ලෝචනා - හරි හරි මට දැන් තේරෙනව ස්ටෝරි බෝර්ඞ් එකත් මොන වගේද කියල.... හිතාගෙන ඉන්නෙ මම බයිට් වෙනව කියලද.....? අපරාදෙ ඔයාගෙ මහන්සිය.
මාධ්‍යවේදියා - මම තාම කතාව කියල ඉවර වුණේ නෑ.... එතකොට ලෝචනා මිනිස්සු භූත දෝෂවලට බයේ හරි ප‍්‍රමිතියක් තියෙන මිනීපෙට්ටි ගන්නවනෙ.
ලෝචනා - මරු අදහස........ දැන් මට තේරෙනව....... මම තමයි වළෙන් නැඟිටල ඇවිත් මිනිසුන්ව බය කරන්න ඕනෙ, ”‍ඇයි මාව ‘භූතා හේ‘ පෙට්ටිවල වළ දැම්මෙ නැත්තෙ.....? කොස්ටියුම් එහෙම ඔයාල දෙනවනෙ නේද......?
මාධ්‍යවේදියා - ඔව්, ඔව්. ඒව ඔක්කොම අපි දෙනව...
ලෝචනා - (ලොචනාට හොදටම කේන්ති ගිහින්) අනේ මේ වැඩ නැද්ද......? නිකං කාලෙ කන්න. ඔයාගෙ ෆෝන් බිල ගෙවන්නෙ පොලීස්සියෙන් ද......?  ඕකත් එක්තරා විදියක මානසික ලෙඩක්.
මාධ්‍යවේදියා - අපි මේ ‘භූතාහේ‘ මිනී පෙට්ටි එකක් ගන්න කොට එකක් ‘ෆ‍්‍රී‘ දෙනව. මේ ප‍්‍රමෝෂන් එක තියෙන්නෙ ඔක්තෝබර් 31දා වෙනකල් විතරයි.
ලෝචනා - හරි එහෙනම් ඔයා මෙහෙම කරන්න. තව වැඩි දවසකුත් නෑනෙ ප‍්‍රමෝෂන් ඉවරවෙන්න. අර ‘ෆ‍්‍රී‘ දෙන මිනී පෙට්ටිය අරගෙන දැම්ම වුණත් කමක් නෑ ඔයා සමාදානේ සැතපෙන්න. අපිට වද දෙන්නෙ නැතිව.
මව්බිම මුලාශ‍්‍ර කරගනිමින් අපි මෙය ඔබවෙත ගෙන ආවා. මෙයින් බයිට්වී ඇත්තේ කවුදැයි තීරණය කරන්න අපි ඔබට අවස්ථාව දෙනවා. 



















 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.