එක් එක් ජාතියට අවශ්‍ය පරිදි ලංකාව තුළ පොලීසි සෑදිය නොහැකි බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසනවා. මෙරට සියලූ ජාතීන් නියෝජනය වන පරිදි සියලු කටයුතු එක් පොලීසියක් යටතේ ක්‍රියාත්මක වන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසනවා. හෙතෙම මේ බව කියා සිටියේ උතුරු පළාත් සභාවේ මංගල සැසිවාරය ඊයේ ආරම්භ වූ අවස්ථාවේදී එහි ප්‍රධාන ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පොලීසිය සම්බන්ධයෙන් පළ කළ අදහසක් ගැන අද දෙරණ පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ විටය.
ද්‍රවිඩ ජනතාවගේ භාෂාව, සංස්කෘතිය හා සභ්‍යත්වය හරියට වටහා නොගෙන කටයුතු කිරීම වැරදී බවත් උතුරු පළාතේ ජනතාවගේ දෛනික කටයුතුවලට පොලීසිය බාධාවක් බවත් විග්නේෂ්වරන් මහතා ඊයේ පවසා තිබුණි.
යාපනය පොලීසිය ආරම්භ කරන අවස්ථාවේදී පවා ද්‍රවිඩ පොලිස් නිලධාරීන් බඳවාගෙන ඇති බවත් එම දිස්ත්‍රීක්කයේ සෑම පොලිස් ස්ථානයකම අවම වශයෙන් ද්‍රවිඩ පොලිස් නිලධාරින් තුන් හතර දෙනෙකුවත් සේවය කරන බවත් පොලිස්පතිවරයා ඊට පිළිතුරු වශයෙන් පැවසීය.
භාෂා ගැටලු නිරාකරණය කිරීම සඳහා විග්නේෂවරන් මහතා එවැන්නක් ප්‍රකාශ කිරීමට කල සිටම ද්‍රවිඩ භාෂාව දන්නා නිලධාරීන් පොලීසියට බඳවා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
ඒ අනූව පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම සඳහා බඳවා ගත් 2000ක් පමණ ද්‍රවිඩ භාෂාව දන්නා නිලධාරීන් පොලීසියේ සේවය කරන බවද හෙතෙම කියා සිටියේය.
උපුටා ගැනීම - අද දෙරණ
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.