පොලීසියේ කොස්තාපල් වරයකු හා ඔහුගේ බිරිය කඹුරුපිටිය මාස්මුල්ලේ දී මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු දෙනගම වැවේ ගිලී මියගිය බව පොලීසිය පවසනවා. තිස්සමහාරාම පන්නෙගමුවේ දී අත්අඩංගුවට ගත් මොවුන් දෙනගමුව වැවේ සඟවා තිබූ බව කියන බෝම්බ ඇතුළු අවි පෙන්වීම සදහා වැවට බැස එක්වරම දියට පැන්න බවත් ඔවුන් බේරාගැනීමට පොලිස් කොස්තාපල්වරයකු ද දියට පැන්න බවත් පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා......
එම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ මාතර පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ අපරාධය සඳහා ඔවුන් රැගෙන ගිය ජීව අත්බෝම්බයක්, පතරොම් තුවක්කුවක් සහ තියුණු ආයුධයක් දෙනගම ප්‍රදේශයේ වැව අසල තිබී සොයාගෙන තිබෙනවා. ඉන්පසුව සැකකරුවන් දෙදෙනා වැවට පැන පළා යාමට තැත් කර ති බෙනවා. මෙසේ වැවට පැන පළා යාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනා ගොඩට ගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් ඔවුන් මියගොස් සිටී බවටයි වාර්තා වෙන්නේ, දියේ ගිලීම නිසා. මේ අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුද රෝහල් ගත කර තිබෙනවා තුවාල ලබා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.