2013-11-18

මිස් ෆ්‍රාන්ස් අවසන් වටයට සහභාගි වීමට තරගකාරිනියන් 32 දෙදෙනා ලංකාවේ සංචාරයක

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරග වදින   අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු පසුගියදා ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියා. 
මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත්  මැරීන් ලෝෆෙලීන් මෙනවියද  වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම්  ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර  ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී  යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.
මෙම  සංචාරයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද  මෙරටට පැමිණියා. යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1  ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතයි.
මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත්  මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි  අවස්ථාව මෙය වෙයි.
මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් සංවිධායකවරුන් පවසනවා.

























































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.