මාලදිවයින් ජනපතිවරණයේ පෙරේදා පැවති දෙවන වටයේ ඡන්ද විමසීමෙන් අබ්දුල්ලා යමීන් ජයග්‍රහණය කර ඇති බව වාර්තාවේ. අබ්දුල්ලා යමීන් සියයට 51.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළ බව සහ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට හිමිව ඇත්තේ සියයට 48.6 ක ඡන්ද ප්‍රතිශතයක් බව එරට මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මේ මස මුලදී පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේදී හිටපු ජනපති නෂීඩ් සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවිය. එහෙත් ජයග්‍රහණ සඳහා සියයට 50 ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවශ්‍යය. කෙසේ වුවද දෙවන වටයේ ඡන්ද විමසීමෙන් වූ පරාජය මොහොමඩ් නෂීඩ් පිළිගෙන තිබේ. ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට තමාගේ පූර්ණ සහාය හිමිවන බව ඔහු පවසා ඇත.
මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා වන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තම පක්ෂයේ අවශ්‍යතාවය වූයේ මාලදිවයිනට ජනතා ඡන්දයෙන් තෝරාගත් රජයක් පත්වනු දැකීම බවය. මාලදිවයින් ජනතාවට දැන් ඔවුන් විසින් තෝරාගන්නා ලද රජයක් තිබෙන නිසා සතුටු විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
නව ජනපතිවරයා ලෙස තේරී පත්වූ අබ්දුල්ලා යමීන් ජයග්රහණයෙන් පසුව අදහස් පළකරමින් දැන් පැමිණ තිබෙන්නේ ජනතාව තීරණය කළාක් මෙන් රටට සාමය සහ සංවර්ධනය ඇතිකිරීමේ කාලය බව සඳහන් කළේය. ආර්ථිකයට තම මූලිකත්වය ලබාදෙන බවද නව රැකියා නිර්මාණය කරන බවද ඔහු සඳහන් කර ඇත.වසර 30 ක් මාලදිවයින පාලනය කළ හිටපු ජනපති මයුමුන් අබ්දුල් ගයූම්ගේ සුළු සහෝදරයකු වන අබ්දුල්ලා යමීන් නව ජනපතිවරයා ලෙස ඊයේ එරට මාලේ අගනුවරදී දිවුරුම් දුන්නේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.