2013-11-02

විදෙස් නියෝජිතයන්ගේ හෝ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වය සීමා කරන්නේ නැහැ

පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට විදෙස් නියෝජිතයන්ගේ හෝ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වය සීමා නොකරන බව ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් චරිත හේරත් මහතා කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය විසින් අනුමත කෙරෙන  ඕනෑම කෙනෙකුට එම සමුළුවට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන බවයි. 
තවද ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදෙස් නියෝජිතයන්ට මාධ්‍ය සාකච්ඡාවන්ට හෝ වෙනත් කටයුතුවලට සහභාගි වීමටද නිදහස තිබෙන බව ප‍්‍රකාශ කෙරුණා. එහෙත් එවැනි කටයුතු සංවිධාන කෙරෙන්නේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නොවන බවයි අවධාරණය කෙරුණේ. 
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගි වුවහොත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං උතුරේ ද සංචාරයක නිරත වනු ඇතැයි එරට මාධ්‍ය ඊයේ වාර්තා කළා. උතුරට පැමිණ දෙමළ වැසියන්ගේ සැබෑ තත්වය දැක ගන්නැයි දෙමළ ජාතික සන්ධානය ද රාජ්‍ය නායකයන්ට ආරාධනා කර තිබෙනවා. කෙසේවෙතත් උතුරේද සංචාරයක නිරත වන බවට තවමත් නිල වශයෙන් දැනුම් දී තිබෙන්නේ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරුන් පමණක් බවයි චරිත හේරත් මහතා කියා සිටියේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.