එල්ල වී ඇති යුද අපරාධ ගැන ලබන මාර්තු මාසයට පෙර විමර්ශනයක් නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා ක්‍රියා කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පෙරේදා (16 දා) උදේ කොළඹ බණ්ඩාරනායක සමරුහලේ පිහිටි මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීය.
තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ශ්‍රී ලංකාවේ පවතින ප්‍රශ්න ගැන සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියේය. මෙහිදී බී.බී.සී. නියෝජිතයා ශ්‍රී ලංකා රජය වෙනස් වී නැති බවත් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට මාර්තු මස වන තුරු බලා සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
"අපි කාලසීමාවක් දී තිබෙනවා. ශ්‍රී ලංකා රජය යුද අපරාධ ගැන විමර්ශනය නොකළහොත් මානව හිමිකම් සමුළුව සමග එක්ව කටයුතු කරනවා යෑයි කැමරන් අවධාරණයෙන් සඳහන් කළේය. තමා ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ මතුවී තිබෙන ප්‍රශ්න ගැන නිරීක්ෂණය කිරීමට බවත් හෙතෙම කියා සිටියේය.
"මා උතුරට ගොස් මහ ඇමැති විග්නේශ්වරන් සහ මාධ්‍යවේදීන් හමුවුණා. බ්‍රිතාන්‍යයේ සිට මම මාධ්‍ය කණ්ඩායමක් සමග මෙරටට පැමිණියේ ප්‍රශ්න සම්බන්ධව ඔවුන්ටද නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලබාදීමටයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ මානව හිමිකම් රැකීමටද රජය ක්‍රියාකළ යුතු යෑයි අගමැති කැමරන් සැල කළේය.
මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ අග්‍රාමාත්‍ය කැමරන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් මාවතකට ගමන් කරන බව කියා සිටියේය.
"ශ්‍රී ලංකාවේ යුද්ධය වසර 30 ක් තිස්සේ පැවතියා. කොටි සංවිධානයේ බිහිසුණු ත්‍රස්ත ක්‍රියාවලට ජනතාව මැදිවුණා. මෙරට පැවැතියේ ලේ වැගිරුණු අර්බුදයක්. එහෙත් යුද්ධය දැන් නිමාවුණා. අවතැන් වූවන්ගේ ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට ස්ටර්ලින් පවුම් මිලියන 1.2 ක් අපි ලබාදී තිබෙනවා" යෑයි හෙතෙම පළ කළේය.
ශ්‍රී ලංකාවේ රජය තවදුරටත් යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය නොකරන්නේ නම් අපි දැඩි ලෙස ක්‍රියා කරනවා යෑයි අගමැති කැමරන් තවදුරටත් සඳහන් කළේය.
Source - Divaina
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.